Header

Sri Lanka Army

Defender of the Nation

09th August 2018 06:09:54 Hours

දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරින් මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සංචාරයක

දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලබන කෙඩෙට් නිලධාරින් 58 දෙනෙකු සිය උපදේශකයින් සමඟින් බදාදා (08) දින මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු නියෝජනය කරමින් එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ඩබ්ලිව්.ඩි.සී.කේ. කොස්තා විසින් එහි පැමිණි කෙඩෙට් නිලධාරින් සහ උපදේශකයින් 24 දෙනා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

එහිදි, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I (සම්බන්ධිකරණ) ලුතිතන් කර්නල් ටි.කේ.ඩි ධර්මසේන විසින් පිළිගැනීමේ කතාව සිදු කළ අතර, මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ වගකිම් සහ කාර්ය භාර්යයන් පිළිබඳව දැනුවත් කිරීම ප්‍රධාන මාණ්ඩලික නිලධාරී II (ක්‍රියාන්විත) මේජර් එස්.එම්.සී.එන් සමරකොන් විසින් සිදු කෙරිණි.

එසේම, 1 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් කේ.ඒ.ඒ.කේ කරුණාරත්න සහ 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ දෙවන අණදෙන නිලධාරි මේජර් කේ.පි.සී.කේ කාරියවසම් විසින් මුලතිව් මානුෂිය මෙහෙයුම පිළිබඳ එම කෙඩෙට් නිලධාරින් දැනුවත් කරන ලදි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු සමඟින් සංචාරක කෙඩෙට් නිලධාරින් තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගි වූ අතර, එම කෙඩෙට් නිලධාරින් විසින් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති වෙත සමරු තිළිණයක් ද පිරිනැමූහ. ඉන් අනතුරුව ප්‍රදේශයේ විශේෂ ස්ථාන කිහිපයක ද එම කෙඩෙට් නිලධාරින් සංචාරය කරනු ලැබීය. buy footwear | nike air speed turf rose gold price per gram