Header

Sri Lanka Army

Defender of the Nation

13th August 2018 13:45:27 Hours

යුද්ධ හමුදා සාමාජිකයින්ට තවත් භාවනා වැඩසටහනක්

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන භාවනා වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් කඳුබොඩ, බවුන්සෙත් මානසික සුව සෙවන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී බදාදා (08) දින සාර්ථකව පැවැත්විණි.

ලක්විරු අධ්‍යාත්මික සුවතා එක්දින භාවනා වැඩසටහන් මාලාවේ තවත් එක් අධියරක් ලෙස පැවැති මෙම භාවනා වැඩසටහන පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේ විසින් මෙහෙයවනු ලැබීය.

ආධ්‍යාත්මික සහ මානසික සුවය වර්ධනය කිරීමේ අරමුණින් පැවැති මෙම භාවනා වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 63 ක් සහ නාවික හමුදා නිලධාරින් 2 ක් ඇතුළු නාවික හමුදා සාමාජිකයින් 19 ක් සහභාගි වූහ.

මෙම භාවනා වැඩසටහන මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අතුල හැන්නදිගේ ගේ අධීක්ෂණය යටතේ පැවැත්විණි. Sportswear free shipping | nike air force 1 shadow , eBay