Header

Sri Lanka Army

Defender of the Nation

13th August 2018 11:25:07 Hours

මඩකලපුව මාමන්ගම් පිල්ලෛයාර් කෝවිලේ වාර්ෂික උත්සවයට නැගෙනහිර භට පිරිස්හි සහාය

මඩකලපුව දිස්ත්‍රික්කයේ ඵෛතිහාසික මාමන්ගම් පිල්ලෛයාර් කෝවිලේ වාර්ෂික මහෝත්සවයේ එක් අධියරක් ලෙස තේරු පෙරහැර උත්සවය සිකුරාදා (10) දින පැවැති අතර එම උත්සවයේ සම්භාවනීය අමුත්තෙක් ලෙස නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල සහභාගි විය.  

මෙම තේරු රථ පෙරහැර සහ උත්සවය සුභ මොහොතින් කෝවිල පරිශ්‍රයේ දී ආරම්භ වූ අතර පිල්ලෛයාර් දෙවියන්ගේ පිළිරුව රැගත් තේරු රථ පෙරහැර එම කෝවිල වටා ගමන් ගන්නා අවස්ථාව සඳහා දිවයින පුරා සිටින දහස් ගණනක් බැතිමතුන් සහභාගි විය.  

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංහිඳියාව සහ සුහදශීලිත්වය වර්ධනය කරමින් මෙම උත්සවය සඳහා අවශ්‍ය පහසුකම් සලසනු ලැබීය.

ප්‍රදේශය තුල සංස්කෘතියන් පිළිබඳ අවබෝධයක් ලබාගැනීමේ සහ ආගමික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 231 වන බලසේනාව යටතේ ස්ථාපිත 10 වන ගජබා රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් සමඟින් 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ යුද්ධ හමුදා සාමාජිකාවන් එක්ව කෝවිල් පරිශ්‍රයේ දී බැතිමතුන් සඳහා දන්සැලක් ද පැවැත්විය. Nike air jordan Sneakers | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth