2018-08-29 09:35:22
‘සෙල්වා ක්‍රීඩා සමාජයේ’ (Selva Sports Club) ඉල්ලීමකට අනුව එම ක්‍රීඩකයින් සඳහා 68 වන සේනාංකය යටතේ ස්ථාපිත 681 වන බලසේනාවට අයත් 9 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් විසින් නව වොලිබෝල් ක්‍රීඩාපිටියක් ඉදිකරනු ලැබූ අතර, එය සඳුදා (27) දින ඔවුන් වෙත භාරදෙන ලදි.
2018-08-27 21:40:33
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 14 වන යුද්ධ හමුදාධිපති ලෙස රාජකාරි කල විශ්‍රාමික ජෙනරාල් රොහාන් දළුවත්ත සඳුදා (27) දින උදෑසන කොළඹ යුද්ධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හදිසියේ අභාවප්‍රාප්ත විය. එතුමන් 1999 සිට 2000 වර්ෂය දක්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස ද රාජකාරී කල අතර...
2018-08-27 21:37:33
මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වදිනහේලයාය කන්දේ සෙනසුරාදා (25) දින හදිසියේ ඇතිවු ගින්නක් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මැඩපැවැත්වීමට සමත්විය. මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ මඟපෙන්වීම...
2018-08-27 08:15:06
ත්‍රිකුණාමලය, මහ දිවුල්වැව පූරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය දෙහිඕවිට පියතිස්ස ස්වාමින් වහන්සේගේ ඉල්ලීමකට අනුව එම විහාරයේ විහාරගෙය හි ඉදිකිරිම් කටයුතු සඳහා මුල්ගල තැබීම 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් අඟහරුවාදා (21) දින සුභ මෙහොතින් සිදු කරන ලදි.
2018-08-26 08:30:00
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 1500 කට වැඩි පිරිසක් තම ආධ්‍යාත්මික දියුණුව වර්ධනය කිරීම උදෙසා නිකිණි පුන් පොහෝ දිනයේ (25) පනාගොඩ බෝධිරාජාරාමයේ දී අටසිල් සමාදන් වන ලදි. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ...
2018-08-26 08:15:44
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 653 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 21 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් යෝගපුරම් බටහිර කතෝලික දේවස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් අඟහරුවාදා (21) දින දියත් කරනු ලැබීය. මෙම ශ්‍රමදාන වැඩසටහන 65 වන සේනාංකයේ සේනාංකාධිපති....
2018-08-26 08:15:00
66 වන සේනාංක මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් ‘Foundation for Hope’ පදනමේ අනුග්‍රාහකත්වය ඇතිව අඩුආදායම්ලාභි පවුල් වෙත වියළි සලාක, කිරිපිටි සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු රුපියල් 5000/= ක වටිනාකමින් යුතු වියළි සලාක මලු තොගයක් බදාදා (22) දින අරසපුරකුලම් බළඇණි පුහුණු පාසලේ දී....
2018-08-26 08:12:10
යාපනය, කෝපායි පිහිටි 51 වන සේනාංකය, ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් සිය 23 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරනු ලැබීය. 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න සහ එම සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ...
2018-08-25 10:53:27
මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59, 64 සහ 68 වන සේනාංක මෙන්ම මූලතිව් ඉදිරි නඩත්තු පෙදෙසේ සේවයේ නියුතු නිලධාරින් 100 කට අධික පිරිසක් බදාදා (22) දින ඔඩ්ඩුසුඩාන් පිහිටි 64 වන සේනංක මූලස්ථානයේ දී පරිපාලන කළමණාකරණ ක්ෂේත්රයේ ප්‍රවීණයකු විසින් පවත්වන ලද දේශනයකට සවන්දුන්හ.
2018-08-25 10:30:27
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ භට පිරිස් විසින් ඉරිදා (19) දින ත්‍රිකුණාමලය ශ්‍රී රේවත ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ නේවාසික ළමුන් ශ්‍රී ලංකාවේ සංස්කෘතික සහ ආගමික වටිනාකමක් ඇති ස්ථාන නැරඹීම සඳහා අනුරාධපුර ප්‍රදේශයේ අධ්‍යාපන චාරිකාවක නිරතවීම සඳහා අවස්ථාව උදාකරදෙනු ලැබීය.