Header

Sri Lanka Army

Defender of the Nation

27th August 2018 08:15:06 Hours

ත්‍රිකුණාමලය දිවුල්වැව විහාරස්ථානයේ ඉදිකිරීමේ කටයුතු සඳහා යුද්ධ හමුදාවේ සහාය

ත්‍රිකුණාමලය, මහ දිවුල්වැව පූරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය දෙහිඕවිට පියතිස්ස ස්වාමින් වහන්සේගේ ඉල්ලීමකට අනුව එම විහාරයේ විහාරගෙය හි ඉදිකිරිම් කටයුතු සඳහා මුල්ගල තැබීම 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් අඟහරුවාදා (21) දින සුභ මෙහොතින් සිදු කරන ලදි.

‘සමාධි වන්දනා පදනමේ’ මුල්‍යමය දායකත්වය ඇතිව 221 වන බලසේනාවේ භට පිරිස් විසින් මාස කිහිපයක් තුල දී මෙහි ඉදිකිරිම් කටයුතු අවසන් කිරීමට නියමිතය.

ත්‍රිකුණාමලය, නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා, 221 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩි.පි.යූ ගුණසේකර, 22 වන සේනාංකයේ කර්නල් සම්බන්ධිකරණ (ස්වේච්ඡා) ලුතිතන් කර්නල් එච්.එම්.එල්.කේ අමුණුගම සහ බැතිමතුන් රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. Nike air jordan Sneakers | First Look: Nike PG 5 PlayStation 5 White Pink Black BQ6472-500 Release Date - SBD