Header

Sri Lanka Army

Defender of the Nation

27th August 2018 21:40:33 Hours

හිටපු යුද්ධ හමුදාධිපති විශ්‍රාමික ජෙනරාල් රොහාන් දළුවත්ත අභාවප්‍රාප්ත වේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 14 වන යුද්ධ හමුදාධිපති ලෙස රාජකාරි කල විශ්‍රාමික ජෙනරාල් රොහාන් දළුවත්ත සඳුදා (27) දින උදෑසන කොළඹ යුද්ධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හදිසියේ අභාවප්‍රාප්ත විය. එතුමන් 1999 සිට 2000 වර්ෂය දක්වා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස ද රාජකාරී කල අතර මියයන විට හෙතෙම 77 වන වියේ පසුවිය. තවද එතුමන් ශ්‍රී ලංකාවේ බ්‍රසීල තනාපති ලෙස ද රාජකාරි කළහ. අභාවප්‍රාප්ත ජෙනරාල් දළුවත්ත ‘රිවිරැස’ මෙහෙයුමේ සමස්ථ අණදෙන්නා මෙන්ම යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට පෙර තවත් මෙහෙයුම් කිහිපයකට අණදීම් සිදුකර ඇත.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරු අභාවප්‍රාප්ත ජෙනරාල් දළුවත්ත අනතුරුව කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන ලදී. එතුමන්ට ආදරණිය බිරිඳක් මෙන්ම දියණියකු සහ පුතණුවකු සිටි. තවද එතුමන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ කුලපති ලෙසද රාජකාරී කර ඇත. අභාවප්‍රාප්ත ජෙනරාල් දළුවත්ත ගේ දේහය 410/104, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 හී පිහිටි සිය නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු හමුදා ගෞරව මධ්‍යයේ සිදුකිරීමට නියමිතය. spy offers | Nike Air Max 97 GS Easter Egg 921826-016 , Fitforhealth