Header

Sri Lanka Army

Defender of the Nation

26th August 2018 08:15:00 Hours

කැලිෆෝනීයාවේ ‘Foundation for Hope’ පදනමේ අනුග්‍රාහකත්වයෙන් අඩුආදායම්ලාභි පවුල් දිරීගන්වයි

66 වන සේනාංක මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් ‘Foundation for Hope’ පදනමේ අනුග්‍රාහකත්වය ඇතිව අඩුආදායම්ලාභි පවුල් වෙත වියළි සලාක, කිරිපිටි සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු රුපියල් 5000/= ක වටිනාකමින් යුතු වියළි සලාක මලු තොගයක් බදාදා (22) දින අරසපුරකුලම් බළඇණි පුහුණු පාසලේ දී බෙදාදෙනු ලැබීය.  

මෙම ව්‍යාපෘතිය කැලිෆෝනීයාවේ ‘Foundation for Hope’ පදනමේ අරවින්ද මහතාගේ අනුග්‍රාහකත්වයෙන් පූනරීන් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරින් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව තෝරාගත් අඩුආදායම්ලාභි පවුල් 15 ක් වෙත වියළි සලාක මලු බෙදාදෙනු ලැබීය. පරිත්‍යාගශීලින් විසින් කරන ලද ඉල්ලීමකට අනුව 66 වන සේනාංකයේ භට පිරිස් අරසපුරකුලම් බළඇණි පුහුණු පාසලේ දී මෙම වියළි සලාක මලු බෙදාදීමේ උත්සවය සංවිධානය කරනු ලැබීය.  

මෙම අවස්ථාව සඳහා පදනමේ නියෝජිතයින්, 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක, 661 සහ 662 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරු, අණදෙන නිලධාරින් සහ සිවිල් වැසියන් රැසක් සහභාගි වූහ.Nike Sneakers | Hats to Match Jordans Hyper Royal Bulls Hat