Header

Sri Lanka Army

Defender of the Nation

26th August 2018 08:12:10 Hours

51 වන සේනාංකය සිය 23 වන සංවත්සරය සමරයි

යාපනය, කෝපායි පිහිටි 51 වන සේනාංකය, ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් සිය 23 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරනු ලැබීය.

51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න සහ එම සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් අගෝස්තු මස 23 වන දින ආශීර්වාද බෝධිපූජා පිංකමක් සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී.

සංවත්සර දිනයේ දී, සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව, සියලු නිල තේපැන් සංග්‍රහය සඳහා එක් වූ සේනාංකාධිපතිතුමන් සමුහ ඡායාරූපයකට පෙනි සිටි අතර, සංවත්සර උත්සවයට සමගාමීව පැවැති සියලු නිල දිවාභෝජන සංග්‍රාහයට ද සහභාගි විය. Nike Sneakers Store | Converse Chuck Taylor All Star Translucent - Women Shoes - 165609C