Header

Sri Lanka Army

Defender of the Nation

25th August 2018 10:30:27 Hours

22 වන සේනාංකයේ මූලිකත්වයෙන් ශ්‍රී රේවත මධ්‍යස්ථානයේ ළමුන් අධ්‍යාපන චාරිකවක

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ භට පිරිස් විසින් ඉරිදා (19) දින ත්‍රිකුණාමලය ශ්‍රී රේවත ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ නේවාසික ළමුන් ශ්‍රී ලංකාවේ සංස්කෘතික සහ ආගමික වටිනාකමක් ඇති ස්ථාන නැරඹීම සඳහා අනුරාධපුර ප්‍රදේශයේ අධ්‍යාපන චාරිකාවක නිරතවීම සඳහා අවස්ථාව උදාකරදෙනු ලැබීය.

ශ්‍රී රේවත ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන පාලකතුමිය 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස මෙම අධ්‍යාපන චාරිකාව සංවිධානය කරනු ලැබීය. මෙම අධ්යාපන චාරිකාව සඳහා අවශ්‍ය ආහාරපාන, ප්‍රවාහන පහසුකම් ඇතුළු අනෙකුත් සියලුම අවශ්‍යතා 22 වන සේනාංකයේ භට පිරිස් විසින් සපයනු ලැබීය.

මෙම සංචාරය සඳහා සිසුන් 30 ක් සහ ළමා නිවාසයේ පාලිකාවන් 4 ක් සහභාගි වූ අතර එහිදි අනුරාධපුර පූජාභුමියේ ශ්‍රී මහා බෝධීය, රුවන්වැලි මහාසෑය, ජේතවනාරාමය, ලෝවාමහාපාය, මිරිසවැටිය, ථුපාරාමය, කුට්ටම් පොකුණ, ලංකාරාමය, අභයගිරිය, සමාධි බුද්ධ ප්‍රතිමාව සහ ඉසුරුමුණිය යන ස්ථානයන්හි සංචාරය කිරීමට අවස්ථා සැලසිණි. Running sport media | Nike Shoes