Header

Sri Lanka Army

Defender of the Nation

26th August 2018 08:30:00 Hours

බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් ශීල සමාදාන වැඩසටහනක

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 1500 කට වැඩි පිරිසක් තම ආධ්‍යාත්මික දියුණුව වර්ධනය කිරීම උදෙසා නිකිණි පුන් පොහෝ දිනයේ (25) පනාගොඩ බෝධිරාජාරාමයේ දී අටසිල් සමාදන් වන ලදි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ සභාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ මඟපෙන්විම යටතේ ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මෙම ශීල සමාදන වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

මෙම වැඩසටහනට සහභාගි වූ සියලුදෙනා වෙත උදේ දානය, දවල් දානය සහ ගිලන්පස ද එහිදි පිරිනමන ලදි. affiliate link trace | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Worldarchitecturefestival