25th August 2018 10:53:27 Hours
මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59, 64 සහ 68 වන සේනාංක මෙන්ම මූලතිව් ඉදිරි නඩත්තු පෙදෙසේ සේවයේ නියුතු නිලධාරින් 100 කට අධික පිරිසක් බදාදා (22) දින ඔඩ්ඩුසුඩාන් පිහිටි 64 වන සේනංක මූලස්ථානයේ දී පරිපාලන කළමණාකරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු විසින් පවත්වන ලද දේශනයකට සවන්දුන්හ.
මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දූෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර විසින් කරන ලද ආරාධනයකට අනුව ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙන්ම ජ්‍යෙෂ්ඨ කළමණාකරන උපදේශක ආචාර්ය එම්. තිලකසිරි මහතා විසින් මෙම දේශනය පවත්වනු ලැබීය.
බදාදා පුහුණු දිනයට සමගාමීව පැවැති මෙම වැඩමුළුවේ දී ‘මූලෝපායික නායකත්වය පිළිබඳ පදනම - විශ්වාසනීයත්වය වර්ධනය කිරීම’ යන තේමාව ඔස්සේ සාකච්ඡා කල අතර විෂය පිළිබඳ සුහදව අදහස් හුවමාරු කරගනු ලැබීය.
මෙහිදි, මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් 641 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එච්.එම්.එල්.ඩී. හේරත් විසින් ආරාධිත දේශකයා පිළිගනු ලැබීය.
මෙම වැඩමුළුව අවසානයේ 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර විසින් ආරාධිත දේශකයා ඇගයුමට ලක්කරමින් සංකේතාත්මක සමරු තිළිණයක් ද පිරිනමනු ලැබීය. best Running shoes | Nike - Sportswear - Nike Tracksuits, Jackets & Trainers