2024-08-19 22:18:46
මිත්‍ර ශක්ති අභ්‍යාසයට සහභාගී වී සිටින භට පිරිස් අතර සුහදත්වය සහ සහයෝගීතාවය වර්ධනය කිරීම වෙනුවෙන් ඉන්දීය සහ ශ්‍රීලංකා භට පිරිස් සම්මිශ්‍රණයෙන් සුහද වොලිබෝල් තරඟයක් පවත්වන ලදී.
2024-08-19 22:18:31
7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 14 වන සංවත්සරය දිනය එම ඒකකයේ අණදෙන නිළධාරී මේජර් එම්.පී සිංහාරගේගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව සමරනු ලැබීය.
2024-08-19 22:16:52
22 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම යටතේ තාවුල්වැව යුද්ධ හමුදා කඳවුරේ ජල පිරිපහදු පද්ධතිය නවිකරණය කර 2024 අගෝස්තු මස 17 දින විවෘත කරන ලදී.
2024-08-19 22:14:30
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව 4 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සහ 9 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කොලංගස්වැව පෙරිමියන්කුලම ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදි කර දෙන ලදී.
2024-08-18 06:57:45
නින්දවුර්, කල්මුණේ/ඉමාම් ගස්සාලි මහ විද්‍යාලය සිසු සිසුවියන් 61 එක් දෙනෙකු සඳහා 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ නායකත්ව පුහුණු වැඩසටහනක් 2024 අගෝස්තු මස 14 දින පවත්වන ලදී.
2024-08-18 06:56:59
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව ආරක්ෂක සේනා ආඥාපති -මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්.රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම යටතේ දියතලාව යුද්ධ හමුදා රෝහලේ රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 අගෝස්තු මස 16 දින සංවිධානය කරන ලදී.
2024-08-18 06:56:30
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ නීති සේවා, මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්යක්ෂ මණ්ඩලය විසින් පනාගොඩ, යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී 2024 අගෝස්තු මස 16 දින දේශනයක් සංවිධානය කරන ලදී.
2024-08-18 06:56:25
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.පී. සිසිර කුමාර ආර්එස්පී, 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව, 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 4 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය වෙත 2024 අගෝස්තු මස 8 දින සංචාරයක නිරත විය.
2024-08-18 06:54:18
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 75 වන සංවත්සරයට සමගාමීව දියතලාව මහා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් සඳහා පොත් ප්රදානය කිරීමේ වැඩසටහනක් සහ දැනුවත් කිරීමේ දේශනයක් ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම විසින් 2024 අගෝස්තු මස 16 දින සංවිධානය කරන ලදී.
2024-08-18 06:46:52
මූලික ආපදා ප්‍රතිචාර පුහුණු පාඨමාලා අංක - 23 ගම්පොල ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේදී 2024 අගෝස්තු මස 14 දින අවසන් විය.