18th August 2024 06:54:18 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 75 වන සංවත්සරයට සමගාමීව දියතලාව මහා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් සඳහා පොත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් සහ දැනුවත් කිරීමේ දේශනයක් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම විසින් 2024 අගෝස්තු මස 16 දින සංවිධානය කරන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජි.එම්.එල් රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී සහභාගී විය.
මෙම වැඩසටහනේදී කොළඹ Rotary Club අනුග්‍රහක දායකත්වයෙන් ප්‍රාථමික සිසුන් සඳහා පොත් අසුරුම් 135ක් බෙදා දෙන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, Rotary Club සභාපති සහ සාමාජිකයින්, දියතලාව මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා, ගුරුවරුන් ඇතුළු සිසු සිසුවියන් එක්වූහ.