18th August 2024 06:56:30 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ නීති සේවා, මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් පනාගොඩ, යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී 2024 අගෝස්තු මස 16 දින දේශනයක් සංවිධානය කරන ලදී.
කාලීනව මතුවන අභියෝගයන්,උපාය මාර්ගිකව අභියෝග ජයගැනීම, මැතිවරණ කාලසීමාව තුළදී යුද්ධ හමුදා සාමාජිකයින්ගේ වගකීම් සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය හා ඒ සම්බන්ධ ක්‍රියාකාරකම් සම්බන්ධ ගැටළු ඇතුළු විවිධ මාතෘකාවන් ඔස්සේ නීතිඥ කේ.එස්. හර්ෂාන් පෙරේරා මහතා විසින් වැඩසටහන මෙහෙයවන ලදී.
මෙම දේශනය සඳහා පනාගොඩ යුද්ධ හමුදා කඳවුරේ නිලධාරීන් 50 දෙදෙනෙකු ඇතුළු සෙසු නිලයන් 1400 ක් සහභාගී වූහ.