Header

Sri Lanka Army

Defender of the Nation

18th August 2024 06:56:59 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම විසින් රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති -මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්.රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම යටතේ දියතලාව යුද්ධ හමුදා රෝහලේ රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 අගෝස්තු මස 16 දින සංවිධානය කරන ලදී.

දියතලාව රුධිර බැංකුවේ අනුග්‍රහය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු අතර රුධිරය පරිත්‍යාග කිරීම සඳහා නිලධාරීන් සහ සෙසු නිලයන් 43 දෙනෙකු සහභාගී වූහ. මෙම වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු සෙසු නිලයන් සහභාගි වූහ.