19th August 2024 22:16:52 Hours
22 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම යටතේ තාවුල්වැව යුද්ධ හමුදා කඳවුරේ ජල පිරිපහදු පද්ධතිය නවිකරණය කර 2024 අගෝස්තු මස 17 දින විවෘත කරන ලදී.
බම්බලපිටිය රාජා ජුවලර්ස් හි කළමනාකාර අධ්‍යක්‍ෂ අතුල එළියපුර මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් ලබාදුන් මූල්‍ය අනුග්‍රාහකත්වය මත නවිකරණය කළ ජල පිරිපහදු පද්ධතියේ අළුත්වැඩියාව සහ නවීකරණ කටයුතු වෙනුවෙන් 6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ ශ්‍රම දායකත්වය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණ දායකත්වය හිමි විය.
මෙහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස මේජර් ජෙනරාල් පී.ඒ.එම්. පීරිස් ආර්ඩබ්ලිව්පී යූඑස්පී පීඑස්සී සහභාගී විය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන්, පාසල් සිසුන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක්ද සහභාගී වූහ.