Header

Sri Lanka Army

Defender of the Nation

19th August 2024 22:18:31 Hours

7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය 14 වන සංවත්සරය දිනය අභිමානවත් අයුරින් සමරයි

7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 14 වන සංවත්සරය දිනය එම ඒකකයේ අණදෙන නිළධාරී මේජර් එම්.පී සිංහාරගේගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව සමරනු ලැබීය.

ප්‍රධාන දොරටුව වෙත සැපැමිණි අණදෙන නිලධාරි වෙත එම ඒකකයේ භට පිරිස් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරමින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව සැමරුම් උත්සවයේ වැඩකටයුතු ආරම්භ විය.

අනතුරුව, එම ඒකකයේ අණදෙන නිළධාරීතුමිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සමඟින් සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වූවාය. සංවත්සර දිනයට සමඟාමීව 2024 ජූලි මස 26 දින සිට 31 දක්වා බෞද්ධ ආගමික වැඩසටහන් මාලාවක් පවත්වන ලදී.