Header

Sri Lanka Army

Defender of the Nation

18th August 2024 06:56:25 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක නිල සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.පී. සිසිර කුමාර ආර්එස්පී, 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව, 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 4 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය වෙත 2024 අගෝස්තු මස 8 දින සංචාරයක නිරත විය.

එම කඳවුරු වෙත සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක එම බලඇණිවල අණදෙන නිළධාරී විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළේය. අනතුරුව එම සංචාරය සනිටුහන් කරමින් එම පරිශ්‍රයන් තුල පැළයක් සිටුවා බළඇණි නිරීක්‍ෂණය කරමින් නිලධාරීන් සමඟ සුහද කතාබහක ද නිරත විය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු සෙසු නිලයින් සහභාගී වූහ.