18th August 2024 06:57:45 Hours
නින්දවුර්, කල්මුණේ/ඉමාම් ගස්සාලි මහ විද්‍යාලය සිසු සිසුවියන් 61 එක් දෙනෙකු සඳහා 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ නායකත්ව පුහුණු වැඩසටහනක් 2024 අගෝස්තු මස 14 දින පවත්වන ලදී.
නායකත්ව පුහුණු වැඩසටහනට සහභාගිවූ සිසු සිසුවියන් අතර සන්නිවේදන ශිල්පීය ක්‍රම සහ නායකත්ව මූලධර්ම වැඩිදියුණු කිරීම සඳහා මෙම වැඩසටහන දමිළ මාධ්‍යයෙන් පවත්වන ලදී. සම්මන්ත්‍රණය සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් දමිළ භාෂාව හොඳින් දන්නා නිලධාරීන් සහ සෙසු නිලයන් විසින් ඉතා සාර්ථකව පැවැත් වූ අතර එය සිසුන්ට අත්‍යාවශ්‍යය දැනුම් කුසලතා වර්ධනය කරවන්නක් විය.
ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, පාසැලේ විදුහල්පතිතුමා,ගුරුභවතුන් ඇතුළු පිරිසක් මෙම අවස්තාවට සම්බන්ධ වූහ.