Header

Sri Lanka Army

Defender of the Nation

18th August 2024 06:46:52 Hours

මූලික ආපදා ප්‍රතිචාර පුහුණු පාඨමාලා අංක 23 සාර්ථකව අවසන්

මූලික ආපදා ප්‍රතිචාර පුහුණු පාඨමාලා අංක - 23 ගම්පොල ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේදී 2024 අගෝස්තු මස 14 දින අවසන් විය.

මෙම පුහුණු පාඨමාලාව 2024 ජූලි මස 08 සිට 2024 අගෝස්තු මස14 දින දක්වා නිලධාරීන් 06 දෙනෙකු සහ සෙසු නිලයින් 197 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වන ලද අතර, පාඨමාලාවේ පළමු ස්ථානය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 2/ ලුතිනන් ජේ.එල්.පී. ඉරුන්දික නිලධාරිතුමන් වෙත හිමිවිය. මෙම පාඨමාලාවේ සමාප්ති දේශනය එම පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ආර්.එම්.එච්.පී.කේ. රත්නායක ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් සිදුකරන ලදී.