2019-02-18 17:35:03
රෝයල් එන්ෆීල්ඩ් යතුරුපැදිකරුවන්ගේ සමාජයේ (Royal Enfield Riders’ Club) අනුග්‍රය මත 23 වන සේනාංකයට අයත් 233 බලසේනාව විසින් වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය අවට පිහිටි තික්කන්, පුදූර්, අම්මන්දනවේලි, කන්දලාඩි සහ ඕමදියාමඩු යන ප්‍රදේශයන්හි අඩු ආදායම්ලාභි පවුල් 150 ක් හා ආර්ථික අපහසුතා සහිත සිසුන් 100 දෙනෙකු සඳහා පරිත්‍යාග බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (16) දින කදිරවේලි විග්නේෂ්වර විද්‍යාලයේදී පවත්වන ලදි.
2019-02-17 18:33:29
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සිය අභිමානවත් 12 වන සංවත්සරයට සමගාමීව රෙජිමේන්තු අධිපති බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ගේ මඟපෙන්වීම යටතේ සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එස්.ජේ ප්‍රියදර්ශනගේ සමීප අධීක්ෂණය යටතේ කතරගම කිරි වෙහෙර, කතරගම දේවාලය, ජය ශ්‍රී මහා බෝධිය, ශ්‍රී දළදා මාලිගාව, වහකෝට්ටේ රෝමානු කතෝලික දේවස්ථානය, ගලේවෙල හින්දු කෝවිල සහ පුවක්පිටිය මුස්ලිම් පල්ලිය යන ආගමික සිද්ධස්ථානයන්හි පවත්වන ලද ආගමික වතාවත් ඇතුළුව උත්සව මාලාවක් පවත්වමින් සෙනසුරාදා (16) දින සමරන ලදී.
2019-02-17 18:26:56
අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන සහ අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මණ්ඩලික ශාඛාව යටතේ රාජකාරියේ නියුතු සියළු අධ්යක්ෂවරුන්, බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ අතර පැවති හමුවක්, ඉකුත් සිකුරාදා (15) දින, ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2019-02-17 18:22:23
58 වන සේනාංක මූලස්ථානයේ නවතමයෙන් ඉදිකල සම්මන්ත්රණ ශාලාව, 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා ගේ ආරාධනයකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ විසින් අඟහරුවාදා (12) දින පැවති කෙටි උත්සවයකදී විවෘත කරන ලදී.
2019-02-15 19:28:31
මුලතිව් දිස්ත්‍රික්කයේ එකම සිංහල භාෂා පාසලක් වන වැලිඔය පරණගම විද්‍යාලයේ සිසුන්ගේ පරිහරණය සඳහා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් පරිගණක පරිත්‍යාග කිරීමේ තවත් ව්‍යාපෘතියක් පසුගියදා දියත් කළහ. ඒ අනුව, මෙම පාසලේ තොරතුරු තාක්ෂණ අධ්‍යයනය කටයුතු සඳහා පරිගණක නොමැතිවීම පිළිබඳ වන්නි ආරක්ෂක සේනා ආඥාපති...
2019-02-15 16:51:05
බූස්සේ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථාන බළඇණියේ ආබාධිත රණවිරුවන්ගේ නවාතැන් සහ සනීපාරක්ෂක කටයුතු උදෙසා නවීකරණය කරන ලද නවාතැන් සංකීර්ණය ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග ගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා (14) දින පැවැති කෙටි උත්සවයකදී විවෘත කෙරීණි.
2019-02-14 10:50:38
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ක්‍රියාත්මක කරන ලද මානූෂීය සත්කාරක වැඩසටහනකට සහය දැක්වීමක් ලෙස යාපනය ප්‍රදේශයේ ජීවත්වන සිවිල් වැසියන් හා සිසුන් සඳහා තවත් මානූෂීය ආධාර බෙදාදීමේ වැඩසටහනක් නාරායන් ශාමී මහතා හා එම මහත්මිය, ප්‍රභාත් ලෝගානන්දන් මහතා හා එම මහත්මිය, රවි මහේන්ද්‍රන් මහතා, ඒ සෙල්වා මහතා, මොහන්දාස් මහතා...
2019-02-14 10:30:38
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කල අන්තර් සේනාංක පාපන්දු තරඟාවලිය - 2018 හි අවසන් තරඟය බදාදා (13) දින ත්‍රිකුණාමලය 22 වන සේනාංක මූලස්ථාන ක්‍රීඩාංගනයේ දී පැවැති අතර එහිදී 23 වන සේනාංක කණ්ඩායම ලකුණු 3-0 ක් ලෙස පරාජයට පත් කරමින් තරඟාවලියේ ශුරතාවය හිමිකරගැනීමට 22 වන සේනාංක පාපන්දු ක්‍රීඩකයින් සමත්වුහ.
2019-02-14 10:20:38
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨයේ පුහුණුව හදාරණ කෙඩෙට් නිලධාරීන් 71 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය සඳුදා (11) දින පනාගොඩ පිහිටි බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරත විය. ආරක්ෂක සේනා මූලස්ථානය වෙත පැමිණි කෙඩෙට් නිලධාරීන් කණ්ඩායම, බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ නියෝජනය කරමින් එම ආරක්ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 2 (පුහුණු) විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ කාර්යභාර්ය, වගකීම් සහ ඉතිහාසය පිළිබඳ ඔවුන් වෙත පුළුල් විස්තරයක් ඉදිරිපත් කරන ලදී.
2019-02-14 10:10:38
ප්‍රධාන සංඥා නිළධාරී මේජර් ජෙනරාල් එන්. එම්. හෙට්ටිආරච්චි පසුගිය දිනයක නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි 2 වන (ස්වේච්ඡා) සංඥා බලකායෙහි සිය ප්‍රථම නිළ සංචාරය සිදුකළ අතර, එහිදි ශ්‍රී ලංකා සංඥා බළකායේ යුද්ධ හමුදා සාමාජිකයින් අමතමින් එම ප්‍රදේශයෙහි යුද්ධ හමුදාව භාවිතා කරනු ලබන සංඥා...