14th February 2019 10:50:38 Hours
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ක්‍රියාත්මක කරන ලද මානූෂීය සත්කාරක වැඩසටහනකට සහය දැක්වීමක් ලෙස යාපනය ප්‍රදේශයේ ජීවත්වන සිවිල් වැසියන් හා සිසුන් සඳහා තවත් මානූෂීය ආධාර බෙදාදීමේ වැඩසටහනක් නාරායන් ශාමී මහතා හා එම මහත්මිය, ප්‍රභාත් ලෝගානන්දන් මහතා හා එම මහත්මිය, රවි මහේන්ද්‍රන් මහතා, ඒ සෙල්වා මහතා, මොහන්දාස් මහතා හා සිසිර බරණගේ යන පිරිසගේ අනුග්‍රහය ඇතිව පසුගිය ඉරිදා (10) දින අරියාලේ පිහිටි පුම්පුර්තේ පිලිගැනීමේ ශාලාවේදි පවත්වනු ලැබීය.
මෙහිදී අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන් හට කරවල, පරිප්පු, කිරිපිටි, කුළු බඩු, පෝෂ්‍ය පදාර්ථ, සහල් ආදිය ඇතුළත් වියළි ආහාර පාර්සල් 130 ක් ලබාදුන් අතර, පුම්පුකර් ප්‍රදේශයේ පාසල් සිසුන් 50 දෙනෙකු සඳහා ද පාසල් ලිපිද්‍රව්‍ය හා අනෙකුත් උපකරණ මෙන්ම චොකලට් අඩංගු පාර්සල් තොගයක්ද බෙදා දෙන ලදි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සහභාගිවූ අතර, 52 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, යුද්ධ හමුදා නිළධාරීන්, යුද්ධ හමුදා සාමාජිකයින්, ආධාරකරුවන්, සිවිල් වැසියන් මෙන්ම පාසල් සිසු සිසුවියන් මෙම බෙදාහැරිමේ උත්සවය සඳහා එක්ව සිටියහ. Authentic Nike Sneakers | Men's Footwear