14th February 2019 10:20:38 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨයේ පුහුණුව හදාරණ කෙඩෙට් නිලධාරීන් 71 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය සඳුදා (11) දින පනාගොඩ පිහිටි බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත පැමිණි කෙඩෙට් නිලධාරීන් කණ්ඩායම, බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ නියෝජනය කරමින් එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 2 (පුහුණු) විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කාර්යභාර්ය, වගකීම් සහ ඉතිහාසය පිළිබඳ ඔවුන් වෙත පුළුල් විස්තරයක් ඉදිරිපත් කරන ලදී.
මෙම සංචාරය අවසානයේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරින් විසින් බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 2 (පුහුණු) වෙත සංකේතාත්මක සමරු තිළිණයක් ද ප්‍රදානය කළහ.Running sneakers | Nike Shoes