14th February 2019 10:10:38 Hours
ප්‍රධාන සංඥා නිළධාරී මේජර් ජෙනරාල් එන්. එම්. හෙට්ටිආරච්චි පසුගිය දිනයක නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි 2 වන (ස්වේච්ඡා) සංඥා බලකායෙහි සිය ප්‍රථම නිළ සංචාරය සිදුකළ අතර, එහිදි ශ්‍රී ලංකා සංඥා බළකායේ යුද්ධ හමුදා සාමාජිකයින් අමතමින් එම ප්‍රදේශයෙහි යුද්ධ හමුදාව භාවිතා කරනු ලබන සංඥා පද්ධති වල ක්‍රියාකාරීත්වය පිළිබඳව විමසා සිටිනු ලැබීය.
සපැමිණි ප්‍රධාන සංඥා නිළධාරීතුමන්ව 2 වන (ස්වේච්ඡා) සංඥා බළකායෙහි අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් බී. එම්. ජයවීර විසින් ඉතා උනුසුම් අයුරින් පිළිගනු ලැබීය
ඉන් අනතුරුව මෙම සංචාරය සනිටුවහන් කරමින් ප්‍රධාන සංඥා නිලධාරීතුමන් කදවුරු පරිශ්‍රය තුළ අඹ පැලයක් රෝපණය කළ අතර එහිදි 2 වන (ස්වේච්ඡා) සංඥා බලකායේ අණදෙන නිළධාරී තුමන් විසින් තම බලකායේ භට පිරිස්හි කාර්යභාර්ය පිළිබඳව එතුමන් දැනුවත් කළේය. එමෙන්ම එහිදි පැවති සාකාච්ඡාවකදි පවත්නා සංනිවේදන පද්ධතිවල වර්තමානයේ පවතින ගැටළු පිළිබඳවද කරුණු විමසා බලන ලදි.
අනතුරුව, කෙටි දේශනයක් පැවැත්වූ මේජර් ජෙනරාල් නිලන්ත හෙට්ටිආරච්චි විසින් වැඩිදුරටත් අවධාරනය කරමින් සඳහන් කර සිටියේ සංඥා සෙබළුන් ලෙස නිතිපතා පුහුණුව ලබා ගැනීම තුළින් වෘත්තීමයභාවය වැඩිදියුණු කරගනිමින් සාර්ථකව කාර්යභාරයන් ඉටු කිරීමට අධිෂ්ඨාන කරගත යුතු බවත් සියළුම නිළයන් තුළ විනය ඉහළම මට්ටමකින් පවත්වා ගෙන යාම තුළින් යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය ආරක්ෂා කරගත හැකි බවත්ය.
පසුව, ප්‍රධාන සංඥා නිලධාරීතුමන් විසින් 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකා ශ්‍රවණාගාරයේදී සියළුම නිලයන් සමඟ තේපැන් සංග්‍රහයක් සඳහා සහභාගිවූ අතර නික්ම යෑමට ප්‍රථම සමරු සටහන් පොතෙහිද සටහනක් තැබීය. trace affiliate link | Nike Shoes