Header

Sri Lanka Army

Defender of the Nation

17th February 2019 18:26:56 Hours

අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ශාඛාව යටතේ ඇති අධ්‍යක්‍ෂ මණ්ඩලයන්හි අධ්‍යක්‍ෂකවරු හමුවෙයි.

අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මණ්ඩලික ශාඛාව යටතේ රාජකාරියේ නියුතු සියළු අධ්‍යක්‍ෂවරුන්, බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ අතර පැවති හමුවක්, ඉකුත් සිකුරාදා (15) දින, ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම සුහද හමුවේදී, යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ශාඛාව යටතේ රාජකාරී නියුතු අධ්‍යක්‍ෂවරුන්ගේ කාර්යභාර්ය හා වගකීම් මෙන්ම වත්මන් තත්ත්වය පිළිබඳ අදහස් සාකච්ඡාවට ලක්විය.

තවද මෙම සුහද හමුවේ දී බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලු ආයතනයන්හි නියෝජිතයින් තම ආයතන මට්ටමේ පැනනැගි ඇති ගැටළු අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික වෙත ඉදිරිපත් කළහ. Best Authentic Sneakers | nike air max 95 obsidian university blue book list