14th February 2019 10:30:38 Hours
නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කල අන්තර් සේනාංක පාපන්දු තරඟාවලිය - 2018 හි අවසන් තරඟය බදාදා (13) දින ත්‍රිකුණාමලය 22 වන සේනාංක මූලස්ථාන ක්‍රීඩාංගනයේ දී පැවැති අතර එහිදී 23 වන සේනාංක කණ්ඩායම ලකුණු 3-0 ක් ලෙස පරාජයට පත් කරමින් තරඟාවලියේ ශුරතාවය හිමිකරගැනීමට 22 වන සේනාංක පාපන්දු ක්‍රීඩකයින් සමත්වුහ.
තරඟය ආරම්භයේ සිටම දෙපිලම ආක්‍රමණශීලිව මෙන්ම ප්‍රතිවාදින්ට අභියෝගයක් එල්ල වන ලෙස ක්‍රීඩා කළ නමුත් 22 වන සේනාංක ක්‍රීඩකයින් අති දක්‍ෂ අන්දමින් විරුද්ධවාදීන්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට අවකාශයක් නොදෙමින් පීඩනයට පත්කොට රඳවා තබා ගැනීමට සමත් වුහ. කෙසේ වෙතත් තියුණු තරඟයකින් අනතුරුව දෙවන අර්ධයේ දී 22 වන සේනාංක ක්‍රීඩකයින් ජයග්‍රහණය තමන් සතුකොට ගත්හ.
මෙම තරඟාවලිය 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඒ.එන්.එම්. වීරසිංහ ගේ උපදෙස් මත 221 වන බලසේනාවේ බලසේනාධිපති ඩි.පී.යූ. ගුණසේකර ගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරන ලද අතර, අවසන් තරඟයේ ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරීනැමීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහභාගි වන ලදි.
තවද අවසන් තරඟය නැරඹීය සඳහා 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එල්.එම්. මුදලිගේ, සම්භාවනීය ආරාධිතයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් එක්ව සිටියහ. Best Nike Sneakers | 『アディダス』に分類された記事一覧