Header

Sri Lanka Army

Defender of the Nation

17th February 2019 18:33:29 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සිය 12 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සිය අභිමානවත් 12 වන සංවත්සරයට සමගාමීව රෙජිමේන්තු අධිපති බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ගේ මඟපෙන්වීම යටතේ සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල්එ ස්.ජේ ප්‍රියදර්ශනගේ සමීප අධීක්ෂණය යටතේ කතරගම කිරි වෙහෙර, කතරගම දේවාලය, ජය ශ්‍රී මහා බෝධිය, ශ්‍රී දළදා මාලිගාව, වහකෝට්ටේ රෝමානු කතෝලික දේවස්ථානය, ගලේවෙල හින්දු කෝවිල සහ පුවක්පිටිය මුස්ලිම් පල්ලිය යන ආගමික සිද්ධස්ථානයන්හි පවත්වන ලද ආගමික වතාවත් ඇතුළුව උත්සව මාලාවක් පවත්වමින් සෙනසුරාදා (16) දින සමරන ලදී.

මෙම සංවත්සර දිනයේ දී රෙජිමේන්තු අධිපති බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු හට තම රෙජිමේන්තු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කඳවුරු සම්මාන ආචාර මුරයක් සහ ආචාර පෙලපාළියක් පිරිනැමු අතර පාබල රථ පෙළපාලියකින් හා සන්නද්ධ රථ පෙළකින් එතුමන් හට ආචාර දක්වන ලදි.

පෙළපාලියෙන් අනතුරුව, අභිමානවත් 12 වෙනි සංවත්සරය සනිටුහන් කරමින් රෙජිමේන්තු අධිපති විසින් කඳවුරු පරිශ්‍රයේ පොල් පැලයක් රෝපණය කළ අතර රෙජිමේන්තුවේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිළයින් විසින් සංවිධානය කරනු ලැබු සියළු නිළ තේ පැන් සංග්‍රහයටද සහභාගි විය. එදිනම රාත්‍රියේ පැවති සම්ප්‍රදායානුකූල රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා සියලුම නිලධාරීන් සහභාගි වු අතර ඒ අවස්ථාවේදී සියළුම නිළධාරීන්ට රෙජිමේන්තු අධිපති සහ සෙසු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවීමටද අවස්ථාවක් හිමිවිය. තවද මෙම අවස්ථාව සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන ෆෙඩ්රිකා අතපත්තු මහත්මිය ද සහභාගි වුවාය.

එමෙන්ම සදුඳා (18) දින පැවැත්වීමට නියමිත සංගීත සංදර්ශනයකින් සහ සියලු නිළ සුහද හමුවකින් මෙම සංවත්සර උත්සව මාලාව අවසන් වීමට නියමිතය.Sports brands | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf