Header

Sri Lanka Army

Defender of the Nation

15th February 2019 16:51:05 Hours

නවීකරණය කරන ලද ශ්‍රී ලංකා පාබල හමුදා ආබාධිත රණවිරු නවාතැන් සංකිර්ණය‍ විවෘත කෙරේ

බූස්සේ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථාන බළඇණියේ ආබාධිත රණවිරුවන්ගේ නවාතැන් සහ සනීපාරක්‍ෂක කටයුතු උදෙසා නවීකරණය කරන ලද නවාතැන් සංකීර්ණය ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග ගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා (14) දින පැවැති කෙටි උත්සවයකදී විවෘත කෙරීණි.

දිග අඩි 100 කින් සහ පළල අඩි 20 කින් සමන්විත මෙම ගොඩනැගිලී සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු රෙජිමේන්තු අධිපතිතුමන්ගේ උපදෙස් මත මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ආර්.එම්.එස් රාජකරුණා ගේ අධීක්ෂණය යටතේ සිදුකරන ලදි.

ශ්‍රී ලංකා පාබල හමුදා ආබාධිත රණවිරුවන්ගේ පරිහරණය සඳහා ඉදිකල වායුසමීකරණ පහසුකම්වලින් සමන්විත මෙම ගොඩනැගිලි සංකීර්ණය ශ්‍රී ලංකා පාබල හමුදා අරමුදලේ මෙන්ම හිටපු යුද්ධ හමුදාධිපතිතුමාගේ බිරිඳ වන සොනියා කෝට්ටේගොඩ මහත්මිය හා විශ්‍රාමික කර්නල් ඒ.කේ.ඩි.ජේ.ජි සිරිවර්ධන ගේ අනුග්‍රහය ඇතිව ප්‍රතිසංස්කරණය කළහ.

මෙම ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය සඳහා ශ්‍රී ලංකා පාබල හමුදා කවුන්සිල් සාමාජිකයින්, මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Sports Shoes | Nike