Header

Sri Lanka Army

Defender of the Nation

15th February 2019 19:28:31 Hours

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් පරණගම විද්‍යාලයට නව පරිගණක පරිත්‍යාගයක්

මුලතිව් දිස්ත්‍රික්කයේ එකම සිංහල භාෂා පාසලක් වන වැලිඔය පරණගම විද්‍යාලයේ සිසුන්ගේ පරිහරණය සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් පරිගණක පරිත්‍යාග කිරීමේ තවත් ව්‍යාපෘතියක් පසුගියදා දියත් කළහ.

ඒ අනුව, මෙම පාසලේ තොරතුරු තාක්‍ෂණ අධ්‍යයනය කටයුතු සඳහා පරිගණක නොමැතිවීම පිළිබඳ වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා විසින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි යසරත් මුණසිංහ මහතා වෙත දැනුම්දීමෙන් අනතුරුව නව පරිගණක 06 ක් ප්‍රදානය කරන ලදි.

වන්නි ප්‍රදේශයේ පාසල්වල අධ්‍යාපන කටයුතු වැඩිදියුණු කිරීමේ අරමුණින් මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා පසුගිය වසර කිහිපය තුළ වන්නි ප්‍රදේශයේ සිසුන් 25,000 කට වැඩි පිරිසකට ප්‍රථිලාභ සැලසීමේ වැඩසටහන් රැසක් දියත් කර ඇත.

බදාදා (13) දින පරණගම විද්‍යාලයේදී පැවැති මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් නියෝජනය කරමින් 621 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ශාන්ත රණවීර සහභාගි වූ අතර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ සුදර්ශනී කපුකොටුව මහත්මිය සහ වැලිඔය කලාපයේ අධ්‍යාපන අධ්‍යක්‍ෂ එන්. ඩබ්. රාමනායක මහතා ද එක්ව සිටියහ.

තවද මෙම අවස්ථාව සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ, 62 සේනාංකයේ සහ 621 බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් ද සහභාගි වූහ.buy shoes | Air Jordan 1 Mid - Collection - Sb-roscoff