Header

Sri Lanka Army

Defender of the Nation

පුවත් විශේෂාංග

  • වත්මන් ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව ග්‍රාමීය රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරයි

    2019-06-24 08:15:21

    වත්මන් ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව ග්‍රාමීය රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරයි

    කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංක බලප්‍රදේශයේ සේවයේ නියුතු ග්‍රාම නිලධාරීන් (ග්‍රාමීය රාජ්‍ය නිලධාරීන්) ඉකුත් සෙනසුරාදා (22) දින 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම සමඟ වත්මන් ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව සාකච්ඡාවක නියැළිනි. මෙම සුහද සාකච්ඡාව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරී නිවස්නයේ දී පැවැත්විණි.

  • 65 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් එක්ව හදිසි ගින්නක් මැඩපවත්වයි

    2019-06-24 08:00:02

    65 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් එක්ව හදිසි ගින්නක් මැඩපවත්වයි

    අක්කරායන්කුලම් පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් තුළ ජුනි 18 වන දින රාත්‍රී 8.00 ට පමණ හදිසියේ ඇතිවු ගින්නක් පිළිබඳ සැලවු වහාම කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිතව ඇති 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුමගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වූ 20 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.

  • විල්පත්තුව රක්‍ෂිතයේ පැළ රෝපණය කිරීමට බදුල්ල ප්‍රදේශයේ පාසල් සිසුන් පෙරමුණ ගනී

    2019-06-22 17:43:42

    විල්පත්තුව රක්‍ෂිතයේ පැළ රෝපණය කිරීමට බදුල්ල ප්‍රදේශයේ පාසල් සිසුන් පෙරමුණ ගනී

    යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ ව්‍යාපෘතිය යටතේ විල්පත්තු ජාතික වනෝද්‍යානය නැවත රෝපණය කිරීමේ වැඩසටහනට සමගාමීව වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින සිනාත් නගර් ප්‍රදේශයේ රුක් රෝපණ වැඩසටහනක් දියත් කරන ලදී.

  • දේවස්ථානයේ මංගල්‍යයට යුද්ධ හමුදා සාමාජිකයින් පානීය ජලය ලබාදෙයි

    2019-06-22 12:03:09

    දේවස්ථානයේ මංගල්‍යයට යුද්ධ හමුදා සාමාජිකයින් පානීය ජලය ලබාදෙයි

    මුලන්කාවිල් ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පිහිටි ‘ශාන්ත මරියා’ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය පසුගිය ඉරිදා (16) දින පැවැත්වූ අතර එම අවස්ථාවට සහභාගි වූ බැතිමතුන්ගේ ආරක්‍ෂාව සහ පානීය ජල අවශ්‍යතාවයන් සැපයීමට 651 වන බලසේනාව යටතේ ස්ථාපිත 11 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුව විසින් කටයුතු කරන ලදී. ඒ අනුව, යුද්ධ හමුදා සාමාජිකයින් බැතිමතුන්ගේ පානීය ජල අවශ්‍යතා සපුරාලමින් ජලය පිරවූ විශාල ප්‍රමාණයේ ප්ලාස්ටික් ජල ටැංකි දේවස්ථාන පරිශ්‍රයේ ස්ථානගත කර තිබිණි.

  • වන්නි යුද්ධ හමුදා ක්‍ෂේත්‍ර රෝහලට අසාද්‍ය රෝගීන් සඳහා භාවිත කරන ඇඳන් ලබා දෙයි

    2019-06-21 15:10:50

    වන්නි යුද්ධ හමුදා ක්‍ෂේත්‍ර රෝහලට අසාද්‍ය රෝගීන් සඳහා භාවිත කරන ඇඳන් ලබා දෙයි

    සිය ගණනක් යුද්ධ හමුදා සහ අනෙකුත් හමුදා සාමාජිකයින් හට සියළුම ආකාරයේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙනු ලබන වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ක්‍ෂේත්‍ර යුද්ධ හමුදා රෝහල මෑතකදී ප්‍රතිසංස්කරණය කරනු ලැබූ අතර වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් හරේන්ද්‍ර රණසිංහ විසින් කරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් පසුගිය අඟහරුවාදා (18) දින දානපතියෙකු විසින් මෙම රෝහලට අත්‍යවශ්‍ය අසාද්‍ය රෝගීන් සඳහා භාවිත....

  • යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 23 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

    2019-06-21 14:00:35

    යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 23 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

    යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 23 වන සංවත්සරය ජූනි මස 16 දින සිට 20 දින දක්වා වැඩසටහන් මාලාවක් සමගින් අභිමානවත් අයුරින් සමරනු ලැබීය. වැඩසටහන් මාලාව ආරම්භ කරමින් ඉකුත් ඉරිදා (16) දින බෝධි පූජා පිංකමක් පැවැත්වූ අතර ඉන් අනතුරුව, රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කිරීමේ උත්සවයක් ද පැවැත්විණි. තවද, සර්ව රාත්‍රික පිරිත් සඡ්ඡායනාවක් ඉකුත් අඟහරුවාදා (17) දින උදෑසන වනතුරු පැවැත්විණි.

  • යාපනයේ යුද්ධ හමුදා භටපිරිස් විසින් අඩුආදායම්ලාභී මුස්ලිම් පවුල් සඳහා වියළි සලාක පාර්සල් ලබාදෙයි

    2019-06-21 13:32:35

    යාපනයේ යුද්ධ හමුදා භටපිරිස් විසින් අඩුආදායම්ලාභී මුස්ලිම් පවුල් සඳහා වියළි සලාක පාර්සල් ලබාදෙයි

    යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මූලිකත්වයෙන් යාපනයේ මුස්ලිම්වරුන්ගේ සංගමයේ සභාපති මොහොමඩ් නියාස් මහතා සමඟ සම්බන්ධව චාවකච්චේරි, ෂාති බීච් හා නාගදීපය යන ප්‍රදේශවල පදිංචිව සිටින අඩුආදායම්ලාභී මුස්ලිම් පවුල් 100 කට වැඩි ප්‍රමාණයක් සඳහා....

  • 14 වන සේනාංකයේ නිලධාරීන් විසින් නූතන ආරක්‍ෂක තර්ජන පිළිබඳව අධ්‍යනය කරයි

    2019-06-21 13:29:49

    14 වන සේනාංකයේ නිලධාරීන් විසින් නූතන ආරක්‍ෂක තර්ජන පිළිබඳව අධ්‍යනය කරයි

    14 වන සේනාංකයේ නිලධාරී පුහුණුවීම් දිනයට සමඟාමීව ‘ත්‍රස්තවාදයට එරෙහිව ගෝලීය යුද්ධය ජය ගැනීම සඳහා නූතන තර්ජන පුරෝකථනය කිරීම සහ අන්තවාදී මතවාද පරාජය කිරීම’ යන කාලෝචිත හා වැදගත් මාතෘකාව යටතේ අවබෝධයක් ලබාදෙන ලදි.

  • ආරක්‍ෂක සේනා මුලස්ථාන සිවිල් සම්බන්ධීකරණ කටයුතු සඳහා නව ගොඩනැගිලි සංකීර්ණයක්

    2019-06-21 13:28:49

    ආරක්‍ෂක සේනා මුලස්ථාන සිවිල් සම්බන්ධීකරණ කටයුතු සඳහා නව ගොඩනැගිලි සංකීර්ණයක්

    වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රය සඳහා කර්නල් සම්බන්ධීකරණ කාර්යාලය, සිවිල් කටයුතු කාර්යාලය, මාධ්‍ය අංශය සහ මනෝවිද්‍යා මෙහෙයුම් අංශය සහිත නව කාර්යාල සංකීර්ණයක් ඉකුත් සඳුදා (17) දින වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් හරේන්ද්‍ර රණසිංහ විසින්....

  • 663 වන පාබල බලසේනාවේ නව කාර්ය නියුක්ත බලසේනාධිපති රාජකාරි අරඹයි

    2019-06-21 13:26:34

    663 වන පාබල බලසේනාවේ නව කාර්ය නියුක්ත බලසේනාධිපති රාජකාරි අරඹයි

    කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන පාබල සේනාංකයට අයත් පූනරීන්, ජයපුරම් ප්‍රදේශයේ ස්ථානගත 663 වන පාබල බලසේනාවේ 8 වන කාර්ය නියුක්ත බලසේනාධිපති ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ කර්නල් සුභාෂන් ලියනගම ඉකුත් බදාදා (08) දින ආගමික වතාවත් මධ්‍යයේ පැවැති කෙටි උත්සවයකදී භාරගන්නා ලදී.