Header

Sri Lanka Army

Defender of the Nation

21st June 2019 13:28:49 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථාන සිවිල් සම්බන්ධීකරණ කටයුතු සඳහා නව ගොඩනැගිලි සංකීර්ණයක්

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රය සඳහා කර්නල් සම්බන්ධීකරණ කාර්යාලය, සිවිල් කටයුතු කාර්යාලය, මාධ්‍ය අංශය සහ මනෝවිද්‍යා මෙහෙයුම් අංශය සහිත නව කාර්යාල සංකීර්ණයක් ඉකුත් සඳුදා (17) දින වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් හරේන්ද්‍ර රණසිංහ විසින් විවෘත කරන ලදි.

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ඇති ප්‍රධානතම අවශ්‍යතාවයන්ගෙන් යුත් මෙම අංශ මහජනයා සමඟ ඉතා සමීපව කටයුතු කරන නමුත් අවම යටිතල පහසුකම් සහිතව ක්‍රියාත්මක වන බැවින් විවිධ ව්‍යාපෘති සම්බන්ධීකරණය කිරීමේදී එම අංශ සාමාජිකයින් මුහුණ දෙන දුෂ්කරතා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා විසින් නව කාර්යාල සංකීර්ණයක් ඉදිකිරිම සඳහා 22 වන ඉංජිනේරු බලඝණය වෙත උපදෙස් ලබාදී තිබුණි.

මෙම නව කාර්යාලය ඉදිකීරිම සඳහා වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන කර්නල් ඉන්දු සමරකෝන් ගේ අධීක්ෂණය යටතේ ඉංජිනේරුසේවා බළඝනයේ නිලධාරි අණදෙන මේජර් ඩබ්.සී දේශප්‍රියගේ උපදෙස් මත ඉංජිනේරුසේවා සාමාජිකයින් විසින් ඉදිකරන ලදි.

නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරිමේ උත්සවය සඳහා වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් හරින්ද්‍ර රණසිංහ, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන කර්නල් ඉන්දු සමරකෝන් සහ වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිළයින් සහභාගි විය.buy shoes | Air Jordan