21st June 2019 15:10:50 Hours
සිය ගණනක් යුද්ධ හමුදා සහ අනෙකුත් හමුදා සාමාජිකයින් හට සියළුම ආකාරයේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙනු ලබන වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ක්‍ෂේත්‍ර යුද්ධ හමුදා රෝහල මෑතකදී ප්‍රතිසංස්කරණය කරනු ලැබූ අතර වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් හරේන්ද්‍ර රණසිංහ විසින් කරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් පසුගිය අඟහරුවාදා (18) දින දානපතියෙකු විසින් මෙම රෝහලට අත්‍යවශ්‍ය අසාද්‍ය රෝගීන් සඳහා භාවිත කරන ඇඳන් දෙකක් පරිත්‍යාග කරනු ලැබිණි.
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රමුඛතාවයක් ලබාදීමේ අරමුණින් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ සංකල්පයකට අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කල අතර කුලියාපිටිය ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන සේනක රොද්‍රිගෝ මහතා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා මෙම ඇඳන් දෙක පරිත්‍යාග කරනු ලැබිණි.
හදිසි රෝගී තත්ත්වයන් යටතේ ඇතුළත් කරනු ලබන රෝගීන් හට ප්‍රතිකාර ලබාදීමේදි දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුව තිබු අතර මෙම ඇඳන් අවශ්‍යතාවය හදිසි ප්‍රතිකාර ඒකකයේ දිගුකාලීන අවශ්‍යතාවයක් වී තිබුණි.
වර්තමානයේ, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ක්‍ෂේත්‍ර යුද්ධ හමුදා රෝහල නවීන වෛද්‍ය පහසුකම් වලින් සමන්විත වන අතර ඒ සඳහා කැපවූ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් ද එහි වේ.
බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් හරේන්ද්‍ර රණසිංහ සහ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන කර්නල් ඉන්දු සමරකෝන් සමඟ එක්ව මෙම ඇඳන් දෙක රෝහල් කාර්ය මණ්ඩලය වෙත පරිත්‍යාග කරනු ලැබූ අතර මෙම අවස්ථාවට නිලධාරීන් සහ සෙසු නිලයින් කිහිපදෙනෙක්ද සහභාගී වූහ.best Running shoes | Nike for Men