Header

Sri Lanka Army

Defender of the Nation

21st June 2019 14:00:35 Hours

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 23 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 23 වන සංවත්සරය ජූනි මස 16 දින සිට 20 දින දක්වා වැඩසටහන් මාලාවක් සමගින් අභිමානවත් අයුරින් සමරනු ලැබීය. වැඩසටහන් මාලාව ආරම්භ කරමින් ඉකුත් ඉරිදා (16) දින බෝධි පූජා පිංකමක් පැවැත්වූ අතර ඉන් අනතුරුව, රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කිරීමේ උත්සවයක් ද පැවැත්විණි. තවද, සර්ව රාත්‍රික පිරිත් සඡ්ඡායනාවක් ඉකුත් අඟහරුවාදා (17) දින උදෑසන වනතුරු පැවැත්විණි.

සංවත්සර දිනයේ, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරචිචි වෙත හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමූ අතර ඉන් අනතුරුව, එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කලේය. ඉන් අනතුරුව, පලාලි මූලික රෝහලේ සංචාරය කරන ලදී. එදින, සංවත්සර සැමරුම් උත්සවයේ තවත් අවස්ථාවක් ලෙස සියලුනිල දිවා භෝජන සංග්‍රහයක් සංවිධානය කරනු ලැබීය.

තවද, සංවත්සරයට සමගාමීව තේලිප්පලෙයි පිළිකා රෝහලේ දී ශ්‍රමදාන ව්‍යාපාරයක් සංවිධානය කරන ලද අතර පලාලි යුද්ධ හමුදා මූලික රෝහලේ දී රුධිර පරිත්‍යාග වැඩසටහනක් ද පැවැත්විණි. රුධිර පරිත්‍යාග වැඩසටහනට යාපනය ශික්‍ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සහයෝගය දැක්වීය. සංවත්සර වැඩසටහන් මාලාව බ්‍රහස්පතින්දා (20) දින සන්ධ්‍යාවේ පැවැති සංගීත ප්‍රසංගයෙන් අවසන් විය. Sports News | adidas Yeezy Boost 700 , Ietp