Header

Sri Lanka Army

Defender of the Nation

22nd June 2019 17:43:42 Hours

විල්පත්තුව රක්‍ෂිතයේ පැළ රෝපණය කිරීමට බදුල්ල ප්‍රදේශයේ පාසල් සිසුන් පෙරමුණ ගනී

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ ව්‍යාපෘතිය යටතේ විල්පත්තු ජාතික වනෝද්‍යානය නැවත රෝපණය කිරීමේ වැඩසටහනට සමගාමීව වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින සිනාත් නගර් ප්‍රදේශයේ රුක් රෝපණ වැඩසටහනක් දියත් කරන ලදී.

එම අවස්ථාවේදී, මෙම ව්‍යාපෘතියට සහයෝගය දක්වමින් බදුල්ල විශාඛා විද්‍යාලයේ පරිසර සංගමය විසින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ විලත්තයිකුලම් සහ වෙප්පල් රක්‍ෂිත ප්‍රදේශ මායිම්වල රෝපණය කිරීමට පැළ 2000 ක් පරිත්‍යාග කරන ලදී.

මෙම වැඩසටහන 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ගේ උපදෙස් මත 542 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රවී හේරත් විසින් සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන සඳහා විශාඛා විද්‍යාලයේ විදුහල්පතිතුමන්, ගුරුවරුන් සහ සිසුන් මෙන්ම 542 වන බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Nike air jordan Sneakers | adidas Yeezy Boost 350