22nd June 2019 12:03:09 Hours
මුලන්කාවිල් ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පිහිටි ‘ශාන්ත මරියා’ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය පසුගිය ඉරිදා (16) දින පැවැත්වූ අතර එම අවස්ථාවට සහභාගි වූ බැතිමතුන්ගේ ආරක්‍ෂාව සහ පානීය ජල අවශ්‍යතාවයන් සැපයීමට 651 වන බලසේනාව යටතේ ස්ථාපිත 11 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුව විසින් කටයුතු කරන ලදී. ඒ අනුව, යුද්ධ හමුදා සාමාජිකයින් බැතිමතුන්ගේ පානීය ජල අවශ්‍යතා සපුරාලමින් ජලය පිරවූ විශාල ප්‍රමාණයේ ප්ලාස්ටික් ජල ටැංකි දේවස්ථාන පරිශ්‍රයේ ස්ථානගත කර තිබිණි.
එමෙන්ම, 652 වන බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ එම බලසේනාව යටතේ ස්ථාපිත 20 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 35 දෙනෙකු ප්‍රදේශයේ සිවිල් වැසියන් 12 දෙනෙකු සමඟ එක්ව ඉකුත් බදාදා (19) දින අනවිලන්දන්කුලම් රජයේ දමිළ මිශ්‍ර පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරන ලදී.
මෙම වැඩසටහන් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.ඒ.ඩබ්ලිව්. කුමාරප්පෙරුම ගේ පූර්ණ අධීක්‍ෂණය මත ක්‍රියාවට නංවනු ලැබීය. trace affiliate link | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ