2019-12-17 11:39:48
අක්කරයන්කුලම්, අනවිලන්දන්කුලම් ප්‍රදේශයේ ස්ථාපිත 652 වන බලසේනා මූලස්ථානයේ 11 වන සංවත්සරය විශේෂ බෝධි පූජාවක්, බහු ආගමික වැඩසටහන් සහ හමුදා සම්ප්‍රදායානුකූල උත්සව සමගින් දෙසැම්බර් මස 14 සහ 15 දිනයන්හි අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2019-12-17 11:19:39
කොළඹ යුද්ධ හමුදා රෝහලේ නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් දිවයින පුරා පිහිටි සෑම ඒකකයකින්ම එක් නිලධාරියෙකු තෝරාගැනීමෙන් පසු මානසික උපදේශනය පිළිබඳ නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනක් දියත් කර තිබිණි.
2019-12-17 09:19:39
වන්නි ප්‍රදේශයේ ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ඉකුත් සෙනසුරාදා (14) දින 211 වන බලසේනා බලප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් 300 ක්...
2019-12-16 07:39:53
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරණිතම රෙජිමේන්තු වලින් එකක් වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය සිය 64 වන සංවත්සරය ඉකුත් ඉරිදා (15) දින කොළඹ 15 රොක් හවුස් කඳවුරු පරිශ්‍රයේදී අති උත්කර්ශවත් අයුරින් සමරනු ලැබීය. අප මව්බිම ආරක්ෂා කිරීමේ ඒකායන පරමාර්ථය පෙරදැරිව සිය ජීවිත පරිත්‍යාග කල එම බලකායේ වීරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් ආරම්භ කරනු ලැබූ මෙම සංවත්සර උත්සවය වර්ෂ 2019 නොවැම්බර් මස 29 වැනි දින පවත්වනු ලැබීය.
2019-12-16 07:37:53
මුලතිව්, මාතවලසින්ගහකුලම් ප්‍රදේශයේ පිහිටි 592 වන බලසේනා මුලස්ථානයේ 8 වන බලසේනාධිපති ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ කර්නල් එම්.ජි.ඒ.එන්.බී. මහතුවක්කාර ඉකුත් බ්‍රහස්පතින්දා (12) දින රාජකාරී ආරම්භ කරන ලදී.
2019-12-16 07:35:53
අරාලිතුඩුවේ පම්පූකර් ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකළ ‘ෂන්මුහ’ පෙර පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟ පෙන්වීමෙන් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත...
2019-12-16 07:10:02
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි බලප්‍රදේශයේ පිහිටි 62 වන සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි දෙසැම්බර් මස 12 සහ 13 දිනයන්හි සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.
2019-12-16 06:40:02
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ වාර්ෂික පුහුණු සම්මන්ත්‍රණය සහ සුහද හමුව දෙසැම්බර් මස 13 සිට 15 දින දක්වා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවැත්විණි.
2019-12-16 06:29:02
සන්නද්ධ හමුදාවන්හි සහ පොලිසියේ වෛද්‍ය වෘත්තිකයන්ගේ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් යුද්ධ හමුදා රෝහලේ පැවැති දෙදින වැඩමුළුවකදී ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ 14 වන රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණය...
2019-12-16 06:00:02
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 221 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 2 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් ඉරිදා (15) දින මානියාවේලි සිට ත්‍රිකුණාමලය දක්වා වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනකට සහභාගි වූහ.