Header

Sri Lanka Army

Defender of the Nation

16th December 2019 06:29:02 Hours

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ වෛද්‍ය වෘත්තිකයන් ‘රසායනික හා ජීව විද්‍යාත්මක’ විකිරණ බලපෑම් පිළිබඳ දැනුවත් කරයි

සන්නද්ධ හමුදාවන්හි සහ පොලිසියේ වෛද්‍ය වෘත්තිකයන්ගේ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් යුද්ධ හමුදා රෝහලේ පැවැති දෙදින වැඩමුළුවකදී ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ 14 වන රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණය (CBRN) පුහුණු නිදර්ශනයක් ඉදිරිපත් කරයි.

පළමු දින දේශන සැසිය නාරහෙන්පිට පිහිටි යුද්ධ හමුදා රෝහලේදී පවත්වන ලද අතර පසුව පුහුණු නිදර්ශනය මත්තේගොඩ ආර්පිකෝ ෆෝම් කම්හලේදී පැවැත්විණි.

මෙම සැසිවාරයේදී ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලිසියේ වෛද්‍ය කණ්ඩායම් භාවිතා කරන වෛද්‍ය ක්ෂේත්‍රයේ රසායනික, ජීව විද්‍යාත්මක හා න්‍යෂ්ටික ප්‍රතිචාරවල ඇති විය හැකි අනතුරු, රසායනික වර්ධනයන් යනාදිය පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය විද්‍යාලය විසින් කරන ලද ඉල්ලීමකට දැක්වූ ප්‍රතිචාරයක් ලෙස මෙම වැඩසටහන දියත් කරන ලදී. මෙම වැඩසටහන් සඳහා උපදේශකයින්, වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුළු වෛද්‍ය වෘත්තිකයින් 50 කට අධික පිරිසක් සහභාගී වූහ. Mysneakers | Air Max