Header

Sri Lanka Army

Defender of the Nation

17th December 2019 11:39:48 Hours

652 වන බලසේනාවේ 11 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

අක්කරයන්කුලම්, අනවිලන්දන්කුලම් ප්‍රදේශයේ ස්ථාපිත 652 වන බලසේනා මූලස්ථානයේ 11 වන සංවත්සරය විශේෂ බෝධි පූජාවක්, බහු ආගමික වැඩසටහන් සහ හමුදා සම්ප්‍රදායානුකූල උත්සව සමගින් දෙසැම්බර් මස 14 සහ 15 දිනයන්හි අභිමානවත් අයුරින් සමරනු ලැබීය.

652 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.එල්.සී. පෙරේරා විසින් ලබාදුන් උපදෙස් මත කඳවුරු පරිශ්‍රයට බෞද්ධ භික්‍ෂුන් වහන්සේ නමක් වැඩම කර විශේෂ බෝධි පූජාවක් පවත්වන ලදී.

සංවත්සර දිනයේ (දෙසැම්බර් 15) 652 වන බලසේනාවේ බලසේනාධිපති තුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් ප්‍රධාන දොරටුව අභියස දී පිරිනැමීය. ඉන් අනතුරුව, බලසේනාධිපතිතුමන් සංවත්සරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී. මෙම අවස්ථාවේ පැවැති විශේෂ අංගයක් ලෙස සියලුනිල තේපැන් සංග්‍රහයක් පැවැත්විණි. එදිනම, බලසේනාධිපතිතුමන් භටපිරිස් ඇමතීමෙන් පසුව විශේෂ හින්දු කෝවිල් පූජාවක් පවත්වා සංවත්සරය නිමිත්තෙන් යුද්ධ හමුදාවන්ට ආශිර්වාද එක්කළේය.

සන්ධ්‍යාවේදී, සියලු නිලධාරීන්, සෙසුනිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් දැවැන්ත සංගීත ප්‍රසංගයක් පැවැති අතර එහිදී සියලුදෙනා විනෝදාස්වාදයට පත්විය. bridge media | Nike News