Header

Sri Lanka Army

Defender of the Nation

16th December 2019 07:10:02 Hours

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සිය බලප්‍රදේශයේ සංචාරයක

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි බලප්‍රදේශයේ පිහිටි 62 වන සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි දෙසැම්බර් මස 12 සහ 13 දිනයන්හි සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.

62 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි ආඥාපතිතුමන්ව ප්‍රධාන දොරටුව අභියසදී, එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

62 වන සේනාංකයේ පළමු නිල සංචාරය සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රෙය් ‘සඳුන්‘ පැළයක් රෝපණය කළේය. ඉන් අනතුරුව, එතුමන් 62 වන සේනාංකයේ කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳ එම සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් සිදුකරනු ලැබූ සවිස්තරාත්මක විස්තරයකට සවන් දුන්නේය.

මෙම සංචාරයේ දෙවන අදියර ලෙස මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි පිළිවෙලින් 621, 622, 623 බලසේනා මූලස්ථානාවන් සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සංචාරය කළහ. තවද, එතුමන් 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 9 වන ගජබා රෙජිමේන්තුව, 14 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සංචාරය කළහ.

එතුමන්ගේ මීළඟ සංචාරය 623 බලසේනාව, 9 ගජබා රෙජිමේන්තුව, 622 වන බලසේනාවේ සහ 20 වන ගජබා රෙජිමේන්තුවේ සිදුකරන ලදී. එහිදී, බලසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිලධාරීන් වත්මන් කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳ ආඥාපතිතුමන් දැනුවත් කරන ලදී.

මෙම සංචාරය සඳහා 62 වන සේනාංකයේ සේනාංකාධිපති, 621,622 හා 623 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ 62 වන සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරීන් එක්ව සිටිහය. spy offers | Nike Off-White