16th December 2019 07:39:53 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරණිතම රෙජිමේන්තු වලින් එකක් වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය සිය 64 වන සංවත්සරය ඉකුත් ඉරිදා (15) දින කොළඹ 15 රොක් හවුස් කඳවුරු පරිශ්‍රයේදී අති උත්කර්ශවත් අයුරින් සමරනු ලැබීය. අප මව්බිම ආරක්‍ෂා කිරීමේ ඒකායන පරමාර්ථය පෙරදැරිව සිය ජීවිත පරිත්‍යාග කල එම බලකායේ වීරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් ආරම්භ කරනු ලැබූ මෙම සංවත්සර උත්සවය වර්ෂ 2019 නොවැම්බර් මස 29 වැනි දින පවත්වනු ලැබීය.
මෙම අවස්ථාව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ කර්නල් සේනාවිධායක මෙන්ම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ 2019 නොවැම්බර් මස 29 දින මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදූ වීරෝධාර රණවිරුවන් සිහිකරමින් අනුරාධපුර සන්නද්ධ හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පුෂ්පෝපාහාර පුදකරමින් සංවත්සර සැමරුම් උත්සවය ආරම්භ වූ අතර එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ සේවය කර මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදූ නිලධාරින් සහ සෙසු නිලයින්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගී වූහ.
සංවත්සර දිනයේ (ඉරිදා 15 දින) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා රෙජිමේන්තු මූලස්ථාන සරඹ භූමියේදී පැවැති හමුදා සම්ප්‍රදායානුකූල වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ වෙත පිරිනමනු ලැබීය. සංවත්සර උත්සවයේදී අශ්වාරෝහක පවුලේ භටපිරිස් විසින් එම රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායකතුමන් හට සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමූ අතර තවද එම උත්සවය වර්ණවත් පෙළපාලියක්, විශිෂ්ඨ ඒකක සඳහා සම්මාන පිරිනැමීම ඇතුළු තවත් සිත් ඇදගන්නා හා විනෝදාත්මක අංග රැසකින් සමන්විත විය.
මෙම සංවත්සර උත්සවයේ උච්චතම අවස්ථාවට එළඹෙමින් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තුව විසින් ඉකුත් වසර තුළ කරන ලද කාර්ය සාධනය වෙනුවෙන් ත්‍යාග පිරිනැමීය.
එසේම 2019 වර්ෂයේ හොඳම ක්‍රීඩා රෙජිමේන්තුව සඳහා හිමි ‘රිදී බාලදක්‍ෂ’ කුසලානය සහ ජෙනරාල් දේශමාන්‍ය සේපාල ආටිගල අනුස්මරණ කුසලානය 4 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තුව විසින් හිමිකරගනු ලැබීය.
පුහුණුව සඳහා හොඳම රෙජිමේන්තුව ලෙස 5 වන විමර්ශන රෙජිමේන්තුව හිමිකරගන්නා ලදී. අදාළ රෙජිමේන්තුවල අණදෙන නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් වෙත කර්නල් සේනාවිධායකතුමන්ගේ සුරතින් සම්මාන ප්‍රදානය කළහ.Best jordan Sneakers | adidas Yeezy Boost 350