Header

Sri Lanka Army

Defender of the Nation

16th December 2019 06:40:02 Hours

මුලතිව් ප්‍රදේශයේ බාලදක්‍ෂයින් වාර්ෂික පුහුණු සැසියකට එක්වෙයි

ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයේ වාර්ෂික පුහුණු සම්මන්ත්‍රණය සහ සුහද හමුව දෙසැම්බර් මස 13 සිට 15 දින දක්වා මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී පැවැත්විණි.

දිවයින පුරා විසිරී සිටින බාලදක්ෂයින් 250 ක් මෙම කඳවුරට සහභාගී වූහ. මෙහිදී පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න සහභාගී වූ අතර ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයේ සභාපති විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර වකිෂ්ඨ සහ ඉංජිනේරු මෙරිල් ගුණතිලක ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. තවද, මෙහිදී බාලදක්‍ෂයින් 154 දෙනෙකුට ලී පදක්කම් ප්‍රදානය කරනු ලැබූ අතර පසුව රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය. ඉන් අනතුරුව, ඔවුන් මුලතිව් ප්‍රදේශයේ සංචාරයක ද නිරත විය.

මෙම අවස්ථාව සඳහා මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති, 54 හා 59 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන් සහ මුලතිව් ප්‍රදේශයේ බාලදක්‍ෂයින් ද සහභාගී වූහ. jordan release date | Nike News