16th December 2019 07:35:53 Hours
අරාලිතුඩුවේ පම්පූකර් ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකළ ‘ෂන්මුහ’ පෙර පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟ පෙන්වීමෙන් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත 52 වන සේනාංකය යටතේ ස්ථාපිත 523 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 12 වන ගැමුණු හේවා බළඇණියේ සහ 5 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස්හි තාක්‍ෂණය හා ශ්‍රමදායකත්වය යොදාගනිමින් ඕස්ට්‍රේලියාවේ ෆ්ලෙමින්යටන්/කෙන්සින්ටන් (Flemington/Kensington) ප්‍රදේශයන්හි පිහිටි රොටරි සමාජ (RI District 9800) කොළඹ රොටරි සමාජය (RI District 3220) සමඟ එක්ව ලබාදුන් අනුග්‍රාහකත්වයට ස්තූතිවන්නට නව ක්‍රීඩා කාමරයක්, සිසෝ, මෙලිගෝරවුන්ඩ් ඇතුළු ළමා ක්‍රීඩා උද්‍යානය ඉදිකිරීමට හැකිවිය.
යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ඉල්ලීමකට අනුව මෙම පරිත්‍යාගය සිදු කරන ලද අතර 52 වන සේනාංකයේ භටපිරිස් ළමා උද්‍යානයේ එම ක්‍රීඩා උපකරණ ස්ථාපිත කිරීම සහ භූමිය සකස් කිරීමේ වැඩ කටයුතු 523 බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ සිදු කරන ලදී.
52 වන සේනාංකය විසින් ඉකුත් සෙනසුරාදා (14) දින සංවිධානය කරන ලද කෙටි උත්සවයකදී නව උපකරණ සහිත ළමා උද්‍යානය යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති සහ අනෙකුත් සම්භාවනීය ආරාධිත අමුත්තන් ඉදිරියේ කොළඹ රොටරි සමාජයේ සභාපති පී.එච්.එෆ්. සරවනන් සවුන්ද්‍රරාජන් මහතා විසින් විවෘත කරන ලදී.
ඉන් අනතුරුව, එම අවස්ථාවේදී පෙර පාසල් ළමුන්ට ලිපි ද්‍රව්‍ය අඩංගු ත්‍යාග පාර්සල් ද ප්‍රදානය කරන ලදී. තවද, මෙම අවස්ථාවට 52 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කොළම රොටරි සමාජයේ සාමාජිකයින්, අතිරේක රජයේ නියෝජිත (ඉඩම්), යාපනය සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ (අරලි ළමා සංවර්ධන ඒකකයේ), ගුරුවරුන්, යුද්ධ හමුදා සාමාජිකයින්, ළමුන් සහ දෙමාපියන් රැසක් සහභාගී වූහ. (මෙම පිටුවෙන් නව පෙර පාසල විවෘත කිරීමේ වෙනම කතාව බලන්න) Best jordan Sneakers | Gifts for Runners