Header

Sri Lanka Army

Defender of the Nation

17th December 2019 11:19:39 Hours

තවත් උපදේශක පුහුණු කිරීමක්

කොළඹ යුද්ධ හමුදා රෝහලේ නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් දිවයින පුරා පිහිටි සෑම ඒකකයකින්ම එක් නිලධාරියෙකු තෝරාගැනීමෙන් පසු මානසික උපදේශනය පිළිබඳ නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනක් දියත් කර තිබිණි.

මෙම විශේෂිත වැඩසටහන සඳහා යාපනය සහ කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයන් වෙතින් තෝරාගත් නිලධාරීන් 14 දෙනෙකු සඳහා වූ ප්‍රායෝගික සායනික වැඩමුළුව සඳුදා (16) කොළඹ යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. නිලධාරීන් පිරිසක් සඳහා වන මෙම පුහුණු වැඩසටහනේ පළමු අදියර 2019 නොවැම්බර් මස 25 දින සිට දෙසැම්බර් මස 1 දින දක්වා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථනායේදී පැවැත්විණි.

සමාරම්භක දේශනය නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කර්නල් ආර්.එම්. මොණරගල මහතා විසින් සිදුකරනු ලැබීය. සමාරම්භක උත්සවයේදී,  මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 ලුතිනන් කර්නල් එස්.ජේ කාරියකරවන විසින් කෙටි දේශනයක් පවත්වනු ලදී. Running Sneakers Store | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5