2020-04-23 18:00:03
කොරෝනා වෛරසය දිවයින පූරා ව්‍යාප්තවීමත් සමඟ රුධිර බැංකුවේ ඉල්ලීමකට අනුව, කලත්තෑවේ පිහිටි සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේ සේවය කරනු ලබන භටපිරිස් ඉකුත් සෙනසුරාදා (18) දින එම පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් එම්.ඩබ්ලිව්.ආර්.සී විජේසූරිය ගේ උපදෙස් හා සම්බන්ධීකරණය යටතේ රුධිරය පරිත්‍යාගය කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදී.
2020-04-23 17:20:23
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් ඉකුත් බදාදා (22) දින සිය විෂබීජහරණ වැඩසටහන අඛණ්ඩව සිදුකරමින් පුදුකුඩිඉරිප්පු නගර මධ්‍යයේ ද විෂබීජහරණ කටයුතු සිදුකරන ලදී.
2020-04-23 17:00:23
622 සහ 623 වන බලසේනාවන්හි භටපිරිස් ඉකුත් බදාදා (22) දින වෙහෙරවැව සහ පුල්මුඩෙයි සුනාමි ගම්මානයේ ජිවත්වන පවුල් 100 කට ‘මනුසත් දෙරණ’ වැඩසටහනේ අනුග්‍රහය ඇතිව වියළි ආහාර සලාක මලු තොගයක් බෙදාදෙන ලදී.
2020-04-23 16:56:23
දශක තුනකට අධික කාලයක් පුරා කීර්තිමත් හමුදා වෘත්තියකින් පසුව යුද්ධ හමුදා දිවියෙන් නුදුරේදී විශ්‍රාම යාමට නියමිත 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්.ඩි. විජේසුන්දර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා...
2020-04-23 16:45:52
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනීමට නියමිත 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.අයි. මාරසිංහ ගේ සේවය ඇගයුමට ලක් කිරීම සඳහා...
2020-04-23 16:40:20
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන පාබල සේනාංකයේ 7 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ටී.ජේ. කොඩිතුවක්කු ඉකුත් බදාදා (22) දින පූනානි පිහිටි එම සේනාංක මුලස්ථානයේ පැවැති කෙටි උත්සවයකදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
2020-04-23 16:38:20
8 වන ඉංජිනේරු සේවා බලකායේ සිය 14 වන සංවත්සරයට සමගාමීව ඉකුත් බදාදා (22) දින හෝකන්දර පිහිටි ඒම බලකා මූලස්ථානයේ දී රුධිර පරිත්‍යාග සමාජ සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කෙරිනි.
2020-04-23 16:31:20
කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජය විසින් සිදුකරනු ලබන අඛණ්ඩ වැඩපිළිවලට සහය දක්වමින් බ්‍රැන්ඩික්ස් ඇපරල් සොලියුෂන්ස් ලිමිටඩ් සහ පුද්ගලික සමාගමේ කළමණාකාරීත්වය විසින් නවීකරණය කරන ලද විෂබීජහරණ කුටියක් සහ රෝගීන් පරික්ෂා කිරීමේ කුටියක් රාජගිරියේ පිහිටි කොවිඩ්-19 පැතිරීමෙ වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධයස්ථානයේදී අද (22) දින සන්ධ්‍යාවේ පරිත්‍යාග කරන ලදී.
2020-04-23 10:49:11
අනුරාධපුර ශික්ෂණ රෝහලේ රුධිර සංචිතය ඉහළ නැංවීම සඳහා 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 85 දෙනෙකු අනුරාධපුර, ගල්කුලම ප්රදේහයේ පිහිටි එම බලකා මූලස්ථානයේ ඉකුත් අඟහරුවාදා (21) දින පැවැති රුධිර පරිත්‍යාග වැඩසටහනකදී සිය රුධිරය පරිත්‍යාග කළහ.
2020-04-23 10:37:21
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ භට පිරිස් දිස්ත්‍රික් / ප්‍රාදේශීය ලේකම්වරුන් සහ යුද්ධ හමුදා මුලස්ථානය සමඟ එක්වී ඉකුත් සඳුදා (20) දින එළවලු අස්වැන්න මිලදී ගනිමින් මුලතිව් ප්‍රදේශයේ ගොවීන්ට සහාය විය.