23rd April 2020 17:00:23 Hours
622 සහ 623 වන බලසේනාවන්හි භටපිරිස් ඉකුත් බදාදා (22) දින වෙහෙරවැව සහ පුල්මුඩෙයි සුනාමි ගම්මානයේ ජිවත්වන පවුල් 100 කට ‘මනුසත් දෙරණ’ වැඩසටහනේ අනුග්‍රහය ඇතිව වියළි ආහාර සලාක මලු තොගයක් බෙදාදෙන ලදී.
62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ ගේ උපදෙස් මත 622 වන සහ 623 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, 62 වන සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී සහ මෙම භටපිරිස් එක්ව මෙම වැඩසටහන සංවිධානය කළහ.
මෙම අවස්ථාවට 622 වන සහ 623 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, 11 වන ගැමුනු හේවා බළඇණියේ අණදෙන නිලධාරී, 20 වන ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ. Best Nike Sneakers | New Releases Nike