23rd April 2020 16:56:23 Hours
දශක තුනකට අධික කාලයක් පුරා කීර්තිමත් හමුදා වෘත්තියකින් පසුව යුද්ධ හමුදා දිවියෙන් නුදුරේදී විශ්‍රාම යාමට නියමිත 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්.ඩි. විජේසුන්දර , ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා මුලස්ථානයේදී ඉකුත් බදාදා (22) දින හමුවූ අතර එහිදී, විශ්‍රාමගන්නා ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඇගයුමට ලක් කරමින් එතුමන්ගේ අනාගතය වෙනුවෙන් සිය සුබපැතුම් ද පිරිනමන ලදී.
විශ්‍රාමයෑමට නියමිත ජ්‍යෙෂ්ට නිලධාරී සමඟ එහිදී පැවැති කෙටි පිළිසඳරේදී එතුමන්ගේ මතකයන්, වෘත්තීය අත්දැකීම් සහ අනාගත අපේක්ෂාවන් පිළිබඳවද යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ අදහස් කිහිපයක් බෙදාහදා ගත්තේය. එසේම එතුමන්ගේ අනාගත උත්සාහයන් වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සිය සුබපැතුම් පිරිනමන ලදී.
සුහද හමුව අවසානයේ, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම ගන්නා ජ්‍යෙෂ්ට නිලධාරීතුමන්ට විශේෂ සමරු තිළියක් ද යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ප්‍රදානය කළේය. Running sport media | adidas poccnr jumper dress pants size