Header

Sri Lanka Army

Defender of the Nation

23rd April 2020 10:37:21 Hours

64 වන සේනාංකය ගොවීන්ගේ එළවළු තොග සාධාරණ මිලකට මිලදී ගනී

මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ භට පිරිස් දිස්ත්‍රික් / ප්‍රාදේශීය ලේකම්වරුන් සහ යුද්ධ හමුදා මුලස්ථානය සමඟ එක්වී ඉකුත් සඳුදා (20) දින එළවලු අස්වැන්න මිලදී ගනිමින් මුලතිව් ප්‍රදේශයේ ගොවීන්ට සහාය විය.

64 වන සේනාංක මූලස්ථානයේ මීට පෙර පැවති සාකච්ඡා කිහිපයක ප්‍රතිඵලයක් ලෙස මුලිතව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ අතර මෙහිදී, වම්බටු කිලෝග්‍රෑම් 1304 ක් සහ වට්ටක්කා කිලෝග්‍රෑම් 217 ක් කිලෝවක් රුපියල් 30 ක මිලකට මිලදී ගත්හ.

641 වන බලසේනාවේ සහ 642 වන බලසේනාවේ පොදු සේවා රෙජිමේන්තු භටපිරිස් එම මිලදී ගැනීම් සිදුකළ අතර එළවළු තොගය සහනාධාර ලෙස දුර බැහැර ප්‍රදේශවල ජනතාවගේ පරිභෝජය සඳහා බෙදාහැරීමටඅවශ්‍යය පියවර ගනු ලැබූහ. jordan Sneakers | 『アディダス』に分類された記事一覧