Header

Sri Lanka Army

Defender of the Nation

23rd April 2020 10:49:11 Hours

අනුරාධපුරේ යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සාමාජිකයින් රුධිරය පරිත්‍යාග කරයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ රුධිර සංචිතය ඉහළ නැංවීම සඳහා 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 85 දෙනෙකු අනුරාධපුර, ගල්කුලම ප්‍රදේහයේ පිහිටි එම බලකා මූලස්ථානයේ ඉකුත් අඟහරුවාදා (21) දින පැවැති රුධිර පරිත්‍යාග වැඩසටහනකදී සිය රුධිරය පරිත්‍යාග කළහ.

ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද ආඥාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එල්.පී.ආර්. ප්‍රේමලාල් ගේ උපදෙස් මත 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එම්.එම්.එම්.පී. මහේෂ් කුමාර ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලැබු මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන අතරතුර නිලධාරීන් සහ සෙසුනිලයින් 85 දෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිය රුධිරය පරිත්‍යාග කරන ලදී. Running Sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ