Header

Sri Lanka Army

Defender of the Nation

23rd April 2020 16:31:20 Hours

හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීයෙකුගේ මූලිකත්වයෙන් විෂබීජහරණ කුටියක් හා රෝගීන් පරික්‍ෂාවට ලක්කිරීමේ කුටියක් නිර්මාණය කරයි

කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජය විසින් සිදුකරනු ලබන අඛණ්ඩ වැඩපිළිවලට සහය දක්වමින් බ්‍රැන්ඩික්ස් ඇපරල් සොලියුෂන්ස් ලිමිටඩ් සහ පුද්ගලික සමාගමේ කළමණාකාරීත්වය විසින් නවීකරණය කරන ලද විෂබීජහරණ කුටියක් සහ රෝගීන් පරික්‍ෂා කිරීමේ කුටියක් රාජගිරියේ පිහිටි කොවිඩ්-19 පැතිරීමෙ වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධයස්ථානයේදී අද (22) දින සන්ධ්‍යාවේ පරිත්‍යාග කරන ලදී.

ඉතා නවීන හා විද්‍යාත්මකව නිපදවන ලද මෙම ඒකක දෙක වඩාත් කාර්යක්ෂමතාවයකින් යුත් එම කාර්යාල මණ්ඩල සාමාජිකයින්ගේ කැපවීම මත සිදු වූ අතර බ්‍රැන්ඩික්ස් ලිමිටඩ් ආයතනයේ සමූහ පරිපාලන ප්‍රධානී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) උදය පෙරේරා විසින් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමඟ සිදුකරන ලද සාකච්ඡාවකින් අනතුරුව එම ඒකක දෙක පරිත්‍යාග කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර තිබිණි.

බ්‍රැන්ඩික්ස් ඇපරල් සොලියුෂන්ස් ලිමිටඩ් ආයතනයේ සාමාන්‍යාධිකාරී මදාරා සිල්වා මහත්මිය සහ “ඊස්ට් ලින්ක් ඉංජිනියරින් කම්පැනි පුද්ගලික සමාගමේ” කළමණාකාර අධ්‍යක්‍ෂ අජිත් ඉඩිකඩුල්ලගේ මහතා, ගරු ඇමතිනි පවිත්‍ර වන්නිආරච්චි මැතිණිය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා මෙම විෂබීජහරණ කුටිය හා රෝගින් පරික්ෂාවට ලක් කිරිමේ කුටිය පරිත්‍යාග කර තිබුණි.

විෂබීජහරණ කුටියේ වටිනාකම රුපියල් ලක්‍ෂ 3.5 කට ආසන්න වන අතර රෝගීන් පරික්‍ෂා කිරීමේ කුටියේ වටිනාකම රුපියල් ලක්ෂ 4.8 ක් පමණ වන බව එම නිර්මාණයේ නිමැවුම්කරුවන් පැවසීය. ගරු අමාත්‍යතුමිය සහ යුද්ධ හමුදාධිපතිතුමන් මෙම පරිත්‍යාගශීලීන්ගේ කාලෝචිත ත්‍යාගශීලීභාවය සහ එවැනි උපාංගවල අවශ්‍යතාවය පිළිබඳ දැක්වූ උනන්දුව වෙනුවෙන් ඔවුන්ට සිය කෘතඥතාවය පුද කල අතර ඔවුන්ගේ නව නිපැයුම්වල මූලාරම්භයට ද සවන් දුන්හ.

මෙම ඒකක දෙක සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි අවශ්‍ය රෝහල්වල ස්ථාපනය කිරීමට නියමිත අතර මෙම ඒකක දෙක පරිත්‍යාග කිරීමේ අවස්ථාවට මේජර් ජෙනරාල් (විශ්‍රාමික) උදය පෙරේරා ද සහභාගි විය. Nike air jordan Sneakers | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News