23rd April 2020 16:40:20 Hours
කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන පාබල සේනාංකයේ 7 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ටී.ජේ. කොඩිතුවක්කු ඉකුත් බදාදා (22) දින පූනානි පිහිටි එම සේනාංක මුලස්ථානයේ පැවැති කෙටි උත්සවයකදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
නව සේනාංකාධිපතිතුමන් සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් එම ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.
ඉන් අනතුරුව, මෙම අවස්ථාව සංකේතවත් කරමින් සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළ නව සේනාංකාධිපතිතුමන් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් එම සේනාංකයේ සේවයේ නියුතු භටපිරිස් අමතනු ලැබීය.
මෙම අවස්ථාවට බලසේනාධිපතිවරුන් සහ එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් රැසක් එක්ව සිටියහ. Running sport media | Sneakers